iranama
ස්වභාවික විපත් හා ජ්‍යෙතිෂය
ඉතා නුදුරු කාල පරාසයක් තුළ මෑතදී ඇති වූ දැවැන්ත භූමිකම්පා දෙකක් නිසා මේ වන විට ලොවම කැළඹීමට පත්ව ඇත. රිච්ටර් මාපකයේ අංශක 9 කට ආසන්න වූ මේ භූමිකම්පා එකක් සුමාත්‍රා දූපත ආසන්නයේද අනෙක ජපානය ආසන්නයේද සාරගය තුළ සිදු වූ අතර එයින් ඇති වූ දේපළ හා ජීවිත විනාශය අති මහත් වූවකි. මෙයට ඉහතදීද මෙවැනි විනාශකාරී භූමිකම්පා සිදු වී තිබේ. එහෙත් දැනට සිදුවන භූමි කම්පාවල ප්‍රබලත්වය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වුවහොත් මුළු මහත් පොළෝතලයම වුවද වැනසීයැමට ඉඩකඩ තිබේ.
එසේම මේ වන විට අතිශය විනාශකාරී සුළං කුණාටු, ගංවතුර හා ලැව්ගිනි වැනි ස්වාභාවික විපත් ද වැඩිවෙමින් පවතී මේ තත්ත්වය වර්ධනය වීම යනු මිනිසාගේ අවසානය විය හැක. ඒ නිසා මේ වන විට ලොව පුරා විද්වතුන් රාජ්‍ය පාලකයන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද විමතියට පත් වී සිටිති.
විද්‍යාඥයෝ භූමිකම්පා වලට නියත හේතුවක් නොදක්වති. ඒ සම්බන්ධව නිවැරැදි අනාවැකි කිව හැකි ක්රමයක්ද සොයාගෙන නැත. භූමිකම්පන කල් ඇතුව දැනගත හැකි විද්‍යා උපකරණ බිහි වී නැත. භූ කම්පනයක් සිදු වූ විට එහි ප්‍රමාණය හා සිදු වූ ස්ථානය හඳුනාගත හැකි උපකරණ තිබුණද ඒවා ක්‍රියාත්මක වීමට භූමිකම්පනය සිදු විය යුතුය. මෙවර ජපානයේ සිදු වූ භූකම්පනය රිච්ටර් මාපකයේ සටහන්ව පැය 1/2 ක් යැමට පෙර සුනාමි රළ පහර පැමිණි නිසා හානිය වළක්වා ගැනීමටවත් කාලයක් ලැබුණේ නැත.
සුළි සුළං වර්ෂාපතනය වැනි දේ පිළිබඳවද තොරතුරු ලබාගත හැක්කේ විනාශයට ඉතා ආසන්න වූ විට පමණි. එවිට හානිය වළක්වා ගැනීම අසීරු වේ. දිගින් දිගට මේවා සිදු වුවහොත් මිනිසාගේ අනාගතය අවදානම් සහිත වේ.
අප දන්නා පරිදි ජ්‍යෙdතිෂ්‍ය භූකම්පන හා ස්වාභාවික විපත් ඇති වන්නේ අයහපත් ග්‍රහ බලපෑම් නිසා බව කියා ඇත. හිරුගේ හා සඳුගේ වෙනස්වීම් පෘථිවියට බලපායි. හිරුගේ වෙනස්කම් දවසේ දිග පවා වෙනස් කරයි. හිරුගේ වෙනස් කම් නිසා භූකම්පන ඇතිවිය හැක. සූර්යයා සහ සෙසු ග්‍රහයන්ගේ වෙනස්කම් නිසා ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයටද බලපෑම් ඇති වී එයින් භූකම්පන, සුළි සුළං, ගංවතුර, හිමපතන හා විවිධ විපත් ඇතිවිය හැකිය. සයුරේ ජලයද විපර්යාසයට ලක්විය හැක.
පුරාණ සම්භාව්‍ය ෙඡ්යාතිෂ ග්රන්ථයක් වූ ගර්ග සංහිතාවේ හිරුලප හෙවත් කාමස කීලක නිසා භූකම්පන ඇතිවන බව පවසා තිබේ. 1960 දී චිලී දේශයේ භූකම්පනයක් ඇති වී භූමිය තොටිල්ලක් මෙන් පැද්දී ඇත. පසුගිය දිනවල සූර්යයාගෙන් ප්‍රබල විකිරණ කදම්බයක් අභ්‍යවකාශයට නිකුත් විය. පසුගියදා ජපානයට ඇති වූ භූකම්පනයෙන්ද භූමිය තොටිල්ලක් මෙන් පැද්දී ගියේය. හිරු මෙන්ම සඳුගේ වෙනස්කම්ද පෘථිවියට බලපායි. පසුගියදා චන්ද්‍රයා පෘථිවියට ඉතා සමීප වූ අතර ග්‍රහයන් රැසක් මේ දිනවල සමීප රාශිවල ඒකරාශි වෙමින් පවතී. දෙකක් හෝ වැඩි ගණනක් ග්‍රහයින් පෘථිවිය මත එක පෙළට සිටිකල භූකම්පන සිදුවන බව ජ්‍යෙdතිෂය කියයි. එහිදී සඳුට විශේෂත්වයක් දී ඇත.
පරාශර මුනිවරයාගේ ප්‍රකාශයට අනුව වෙනත් ග්‍රහයන්ගේ ආකර්ෂණ ශක්තිය නිසා තවත් ග්‍රහයකුගේ ගමන් මගට බාධාවක් වූ විට ඒ ග්‍රහයා තුළ කම්පන හටගනී. එය පෘථිවියේදී භූකම්පන විය හැක. ගිනි කඳු හා භූ අභ්‍යන්තර බලපෑමෙන්ද භූ කම්පන සිදුවන බව ගර්ග මුනිහු පවසති. චන්ද්‍රග්‍රහණ සමයේ එසේ වන බව ඇරිස්ටෝටල්ද පවසා තිබේ.
දැනට අප සතුව තිබෙන ජ්‍යෙdතිෂ රීතීන්ට අනුව ප්‍රධාන ග්‍රහයන් කීප දෙනෙකු එක්ව හෝ එකම අක්ෂාංශයේ සිටි විට භූකම්පන විය හැක. ග්‍රහයන් කීප දෙනෙකු නිවර්තනයේ සිටීමද මෙසේ කරයි. චන්ද්‍ර හෝ සූර්ය ග්‍රහණ ගුරු ශනි හෝ කුජට චතුර්ථ වෘත්ත පාදක වූ විට එයට අදාළ ප්‍රදේශයේ භූකම්පන ඇතිවිය හැක. චන්ද්‍ර සූර්ය ග්‍රහණ පුර පක්ෂයේ හෝ නවසඳ ඇති දිනවල යෙදීමද භූකම්පනවලට බලපායි. මෙවැනි කරුණු රාශියක් භූකම්පන සම්බන්ධයෙන් ජ්‍යෙdතිෂ ග්‍රන්ථවල ඇතුළත්ව ඇත.
වරාහ මිහිරාචාර්යවරයා විසින් රචිත වෘහත් සංහිතාවේ මෙසේ දැක්වේ.
තෙවර්ක මණ්ඩල ගතාඃ - පාප ඵලාශචන්ද්ර
මණ්ඩලේ සෞම්යාඃ - වාංක්ෂකවන්ධ
ප්‍රහරණ රූපාඃ - පාපඃ ශශාං€කෙපි
කාමස කීලක හිරු හෝ සඳු මඬලෙහි වුවහොත් අශුභපල ගෙන දේ. කවුඩු කවන්ඩ හා කඩු වැනි කාමස කීලක වුවහොත් අශුභ ඵල දේ.
මෙහි අශුභ වශයෙන් ජලය කිළිටිව්. අහස ධූලියෙන් වැසේ. වැලි හා ගල්කැට සමග හමන චණ්ඩ මාරුතයෙන් පර්වත හා රුක් ශිඛර විනාශ වේ. සෘතු විපර්යාස වේ. සියලු සත්හු හිරු රැසින් පෙළෙති. දිග්දාහ ඇති වේ. හෙණ හා භූමිකම්පා උත්පාත හටගනී. යනුවෙන් දක්වා ඇත. මේවා වර්තමානය සමග හොඳින් ගලපාගත හැක.
මහාචාර්ය බී. වී. රාමන් මහතා භූකම්පන හා ජ්‍යෙdතිෂය ඇසුරෙන් ප්රත්යක්ෂ කරගත් කරුණු රාශියක් අනාවරණය කර ඇත. 1923 වර්ෂයේ ජපානයේ සිදු වු ප්‍රබල භූකම්පනය වනවිට එයට පෙර සිංහ කුම්භ යෝගය සහිතව චන්ද්‍ර ග්‍රහණයක් සිදු විය. සඳු යම අරක්ගත් බෙරණ නැකතට එනවිට භූකම්පනය සිදුවිය. ශනි සිටි නැකත සම්බන්ධ වී කුජ 10 සිටියදී වෘශ්චික රාශියේ දසවැන්න ටෝකියෝවට මුදුන් විය. දසවැන්නේ කුජ රාහු රවි ශුක්‍ර යෝගය විය. ගුරු ශනි බුධ කුජ රාහු රවි ශුක්‍ර පොකුරු ගැසීම භූකම්පන හා වෙනත් විනාශයන් ඇති කරන පිහිටීමකි.
1934 බිහාරයේ සිදු වු භූකම්පනය 1960 අගදීර් භූකම්පනය 1962 ඉරාන භූකම්පනය 1976 චීන භූකම්පනය දෙස එතුමා ජ්‍යෙdතිෂ ඇසින් බලා ඉතා විධිමත් විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව පැරණි ජ්‍යෙdතිෂ සිද්ධාන්ත භූකම්පන සම්බන්ධයෙන් බොහෝදුරට නිවැරැදි වී ඇත. එහෙත් භූකම්පනයක් සිදු වන ස්ථානය හා වෙලාව හෝ වෙනත් ස්වාභාවික ආපදාවක එවැනි තොරතුරු කීමට කිසිවකු මෙතෙක් සමත් වී නැත. එසේ වුවද බී. වී. රාමන් මහතා ද ඇස්ට්‍රොලොජිකල් මැගසින් සඟරාවේ 1978 ජනවාරි කලාපයේ එම වසරේ සැප්තැම්බර් 16 දින සිදු වූ පූර්ණ චන්ද්‍ර ග්‍රහණය පාදක කරගෙන ඉරානයට ප්‍රබල භූ කම්පනයක් වන බවට කියන ලද අනාවැකිය සත්‍ය වී ඇත.
පුරාණ මුනිවරු මෙවැනි විපත් ග්‍රහයන් විසින් පාලනය කරනු ලබන බවට සිද්ධාන්ත ගොඩනඟා ඇත. පැරණි රජවරු මේවායින් විපුල ඵල ලැබූ බවද පෙනේ. කාලගුණය සම්බන්ධ විවිධ කරුණු සම්භාවය ජ්‍යෙdතිෂ ග්‍රන්ථවල ඇත. ගුරු රවිට ආසන්න වූ විට නියඟ ඇති වේ. රවි ශුක්‍ර යෝගය වැසි හා හිම පතනයට හේතු වේ. සිය සංක්‍රමණ අතරමග රවි චන්ද්‍ර කුජ ශනි රාහු ජල රාශි කපාගෙන යන විට බුධ සිකුරු ස්ථුල රාශියක හමු වූ විට තද වැසි ජලගැලීම් ඇතිවේ. ජල රාශියක එම නවාංශකයේ රවි බුධ ශුක්‍ර සිටි කල මහ වැසි වසී.
සූර්ය සංක්‍රමණය රෝහිනී, අනුරාධ, ජ්‍යෙෂ්ඨ උත්තරශාධ, අභිජිත්, ශ්‍රාවණ, ධනිෂට නැකතක් වී නම් ඉසුරුමත් වසරක් උදාවේ. භරනී, කෘත්තිකා, පූෂ්යම්, මඛ, පුබ්බ, වෛශාඛ, පූර්වභද්ර නැකතක් වී නම් විපත්ති බහුල වේ. අස්විනි, මෘගසිරි, පුනර්වසු, උත්තර, හස්ත, චිත්ත, ස්වාති, නැකතක් වී නම් විපත් ඇතිවේ. අරිදා, අස්ලිස, මූල පූර්වසංධ, සතභිෂ, උත්තභද්ර, රේවතී නැකතක් වී නම් සමෘද්ධිය ඇති වේ. සිකුරු හිරුට කලින් උදා වී ස්වාති වෛශාඛ හෝ අනුරාධ නැකතකින් බැස යන කල මහ වැසි ඇතිවේ. ජ්‍යෙෂ්ඨ සිට ශ්‍රාවණ දක්වා නැකතකින් සිකුරු උදාව හෝ අස්තය වී නම් තද නියඟ වේ. මෙවැනි කරුණු ජ්‍යෙdතිෂයයේ බොහෝ ඇත. ඒ නිසා ජ්‍යෙdතිෂය භූ කම්පන හා ස්වාභාවික විපත් කලින් දැක ගැනීමේ හැකියාව තිබෙන ශාස්ත්‍රයක් බව පෙනී යයි.
එහෙත් වර්තමානයේ මේ පිළිබඳව සත්‍ය වූ අනාවැකි නොකියවෙන නිසා කිසිවකු මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත. සත්‍යවූ අනාවැකි මේ සම්බන්ධව පළ නොවීමට බාධාවක්ද පවතී. ජ්‍යෙdතිෂයට අදාළ වටිනා ග්රන්ථ බොහොමයක් අද අප අතරින් අතුරුදන්ව තිබේ. පෛතා මහ, රෝමක, පෞලිස, වශිෂ්ට, බ්‍රහ්ම වැනි සිද්ධාන්ත ග්රන්ථ සොයා ගැනීමට නැත. පෝල් බුන්ටන් මහතා බ්‍රහ්ම සිද්ධාන්තය ගැන කර ඇති සඳහනින් පෙනී යන්නේ මේවා විනාශ වී යැම ජ්‍යෙdතිෂයට සිදු වූ අපරිමිත පාඩුවක් බවයි.
පී. සී. පතිරණ
ප්‍රවීණ ජ්‍යෙතිෂ හා ගුප්තවේදී
hadahanalanka.com